උදා : වශයෙන් ඩිජිටල් ප්ලාස්ම රූපවාහිනියක් තුළින් චිත්‍රපටයක් විකාශනය කිරීම සාම්ප්‍රදායික මාධ්‍යයක් වන අතර, ඇනලොග් තාක්ෂණය භාවිතා කරමින් වෙබ් ලිපිනයක් ඔස්සේ ඒ හා සම්බන්ධ රසිකයන් විසින් ඩිජිටල් සංගීත පටයක් බහාගත කර ගැනීම නව මාධ්‍ය සන්නිවේදනයක් ලෙස දැක්විය හැකිය.
තවද විකීපීඩියා නැමැති අන්තර්ජාලයේ පවතින ඩිජිටල් පාඨය ගත් විට, එහි අන්තර්ගත ජායාරූප, වීඩියෝ පට වෙනත් වෙබ් සම්බන්ධතා එයට තොරතුරු සපයන දායකයින්,අන්තර් ක්‍රියාකාරී ප්රතිපේෂණය හා සියලුම සංස්කරණ හා සහභාගි ප්‍රජා කණ්ඩායම් නව මාධ්‍ය ලෙස හැදින්විය හැකි හොදම උදාහරණයයි. නව මාධ්‍ය යන්න බොහොමයක් තාක්ෂණවේදීන් විග්රහ කරන්නේ ඩිජිටල් තාක්ෂණය මුසු,ජාලමය සම්බන්ධතාවයන් සහිත ඝනත්වයක් ඇති, හැකිලිය හැකි අන්තර් ක්‍රියාකාරී තාක්ෂණයන් ලෙසයි. මේ සදහා ඇතැම් උදාහරණ ලෙස සමාජ ජාල මාධ්‍යයන්, අන්තර්ජාලය,වෙබ් අඩවි, පරිගණක බහු මාධ්‍යය, පරිගණක ක්‍රීඩා,(CD- Roms) යනාදිය දැක්විය හැකිය. රූපවාහිනී වැඩසටහන්,විශේෂාංග චිත්‍රපට, සගරා පොත් මුද්‍රණ මාධ්‍ය, ප්‍රකාශන යනාදිය සදහා ඩිජිටල් අන්තර් ක්‍රියාකාරී තාක්ෂණය භාවිතා නොකරන්නේ නම් ඒවා නව මාධ්‍ය ලෙස හදුන්වනු නොලැබේ.
1960 දශකයේ පරිගණකය විප්ලවීය කලාවන් සමඟ මිශ්‍ර වීමෙන් වඩාත් ශක්තිමත් මාධ්‍යයක් බවට ක්‍රමයෙන් පත් විය. 1980 වන විට ඇලන්. කේ විසින් විශාල සංවිධාන වලට වඩා පුද්ගලික වශයෙන් එකිනෙකාට පරිගණකය භාවිතා කිරීමට කටයුතු සැලැස්වීම මෙහි තවත් සන්ධිස්ථානයකි. 1980 දශකය හා 1990 දශකය මුල් කාලයේදී පරිගණකය එහි සැලැස්ම සමඟ සමාජ වෙනස් වීම එකිනෙක සමාන සම්බන්ධතාවන් ලෙස හදුනාගැනීමට හැකි විය. හේතු ඵල වශයෙන් එකිනෙකට සහසම්බන්ධ නොවුවත් සංකල්පීය වශයෙන් මෙම තත්වය සීතල යුද්ධයක් සකස් කිරීමට හේතු විය. ඒ අනුව මෙකල වෙබ් ජාලය සැලැස්මක් ලෙස සකස්වීම ඔස්සේ මෙම තත්වය තවදුරටත් ත්‍රීව විය.
1980 දශකය වන තෙක්,රූපවාහිනිය, ගුවන් විදුලිය, යනාදී ජනමාධ්‍යයන් වල විකාශන කටයුතු මුද්‍රණ හා ඇනලොග් තාක්ෂණයට අනුව සිදුවිය. ඉන් අනතුරුව පසුගිය වසර විසිපහක කාලය තුළ ඩිජිටල් පරිගණක තාක්ෂණය භාවිතා කිරීමත් සමඟ පුලුල් වෙනස්වීමක් හා පරිවර්තනයක් මෙහි දැකගත හැකිවිය. ඒ තුළ අන්තර්ජාල හා පරිගණක ක්‍රීඩා යනාදිය කැපී පෙනුණි. මේවා නව මාධ්‍යයන්ගේ ඉතා ප්‍රාථමික නැතහොත් සුළුතර තත්වයක් පමණි. ඩිජිටල් පරිගණක තාක්ෂණය පැමිණීමත් සමඟ එතෙක් පැවති සාම්ප්‍රදායික මාධ්‍යයන් සෑම එකක්ම පාහේ නව ඩිජිටල් තාක්ෂණය හා සම්බන්ධ විය. ඒ අනුව ඩිජිටල් රූපවාහිනීය, පරිගණකය විසින්ම පාලනයට නතු ප්‍රකාශන යනාදිය සකස් විය. සාම්ප්‍රදායික මාධ්‍ය තත්වයේ පැවති මුද්‍රණ තාක්ෂණ පවා ඇඩෝබ්පොටෝෂොප් සහ ඩෙක්ස්ටොප් පබ්ලිෂන් වැනි රූප මානන මෘදුකාංග භාවිතා කරමින් නව තාක්ෂණයන් හා සමඟ බද්ධ විය.
ඇන්ඩෲ එල්. සැපිරෝ (1991) දක්වන ආකාරයට නව ඩිජිටල් තාක්ෂණය පැමිණීමත් සමඟම තොරතුරු, අත්දැකීම් හා සම්පත් පාලනය යනාදී කටයුතු වල පවා සැලකිය යුතු සීඝ්‍ර වෙනස් වීමක් දක්නට ලැබීය. ඩබ්. රසල් නුමාන් දක්වන ආකාරයට සමාජ හා ආර්ථික බලයන් එක පාර්ශවයක සිට ප්‍රතිවිරුද්ධ පාර්ශවය දක්වා ඒවායෙහි සඟවා තබා ගත නොහැකි පරිදි හෙලිදරව් කිරීමට නව මාධ්‍ය තාක්ෂණයන්ට හැකියාවක් පවතී. නූමන් දක්වන ආකාරයට පුද්ගලාන්තර හා සන්නිවේදන එසේ නැත්නම් පුද්ගලික හා පොදු වශයෙන් වන ජන සන්නිවේදන තත්ත්වයකට වඩා විශ්වීය වශයෙන් අන්තර් ක්‍රියාකාරී ලෙස සකස් වූ ශ්‍රව්‍ය දෘශ්‍ය හා විද්‍යුත් සන්නිවේදන ජාලයක් ක්‍රමයෙන් හැඩ ගැසෙන ආකාරය අපට මෙම නව මාධ්‍ය සමාජය තුළ පහත සංසිද්ධීන් සිදුවිය හැකිය.
>භූගෝලීය දුරස්ථතාවය ක්‍රමයෙන් අවම වීම.
>සන්නිවේදනයේ ප්‍රමාණය ක්‍රමයෙන් සුවිශාල තත්වයකට පත් කිරීමට ඉඩ අවකාශ සලසයි.
>සන්නිවේදනයේ වේගය ක්‍රමයෙන් වැඩිකිරීමේ හැකියාව සලසයි.
>අන්තර් ක්‍රියාකාරී සන්නිවේදන අවස්ථාවන් සලසා දෙනු ලබයි.
>එකිනෙකා හා සම්බන්ධ වෙමින් එකිනෙක සමපාත වන ආකාරයෙන් සන්නිවේදනය කිරීම සඳහා ඉඩ අවකාශ ලබා දෙයි.

මේ ආකාරයෙන් නව මාධ්‍ය මානව සමාජයට බලපාන සාධනීය තත්වයන් දක්වන ලද ශාස්ත්රඥායින්ට අමතරව, එඩ්. හර්මන්, රොබට් මැක්චස්නි යන අය දක්වන්නේ නව මාධ්‍ය සමාජයකට අවතීර්ණ වීම තුළ මානව සන්නිවේදන බරපතල ආකාරයෙන් අන්තර්ජාතික දුරස්ථ සන්නිවේදන සංස්ථාවක් බවට පත් වීම නිසා හිතාගත නොහැකි ආකාරයෙන් ගෝලීය සන්නිවේදන බලපෑමකට අප හසුව ඇති බවයි. කැලුම් රීමර්(2009), ලිස්ටර් යන අය (2003), හා ෆ්‍රීඩ්මාන් (2005) යනාදීන් නව මාධ්‍ය තාක්ෂණයන්ගේ සාධනීය හා නිශෝධනීය ශක්‍යතාවන් දක්වමින් අදහස් දක්වා තිබේ. මෙහිදී ඔවුන් අවධාරණය කරන්නේ, නව මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ මුල් කාලීන අදහස් තාක්ෂණික නියතිවාදය පිළිබඳ දෝෂ දක්වමින් ඉදිරිපත් කිරීම තුළ ඔවුන්ගේ පුද්ගලික හැඟීම් මත නව මාධ්‍ය අර්ථකථනය වූවා මිස, ඒ තුළින් බිහි වූ සංකීර්ණ සමාජ ජාලයේ වර්ධනය, එයට ප්රාග්ධනය සැපයීම, එය ක්‍රියාවට නැංවීම හා එහි අනාගත වර්ධනීය තත්වයන් පිළිබඳ විෂය මූලික කරුණු නිවැරදිව ඉදිරිපත් නොවීම බරපතල තත්වයක් ලෙසයි.
නව මාධ්‍ය නිර්වචනය කිරීම පිළිබඳ විවිධ අර්ථකථන හා විශ්ලේෂණ පවතී. එක් තැනක නව මාධ්‍ය පහත දැක්වෙන ආකාරයෙන් සංක්ෂිප්ත සරල ප්රස්තූතයන් අටක් යටතේ දක්වා තිබේ.( The New Media Reader Wardrip- Fruin and Montfort).
01) සයිබර් සංස්කෘතිකයට එරෙහිව නව මාධ්‍ය ක්‍රියාත්මක වීම.
සයිබර් සංස්කෘතිය යනු බ්ලොග්, අන්තර්ජාලය හා සජීවී බහුවිධ ක්‍රිඩා යනාදී අන්තර්ජාලය හා ජාල සන්නිවේදනය හා සම්බන්ධ විවිධ සමාජ සංසිද්ධීන් ය.
එහෙත් නව මාධ්‍ය යනු ඩිජිටල් සිට ඇනලොග් තාක්ෂණය දක්වා මුසුවන රූපවාහිනිය, අයිෆෝන් යනාදී සංස්කෘතික උපකරණ සහ සුසමාදර්ශනයන් පිළිබඳ බෙහෙවින් සලකා බලනු ලබන්නකි.
එහෙත් නව මාධ්‍ය යනු ඩිජිටල් සිට ඇනලොග් තාක්ෂණය දක්වා මුසුවන රූපවාහිනිය, අයිෆෝන් යනාදී සංස්කෘතික උපකරණ සහ සුසමාදර්ශනයන් පිළිබඳ බෙහෙවින් සලකා බලනු ලබන්නකි.
02) නව මාධ්‍ය යනු බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ලෙස භාවිත කෙරෙන පරිගණක තාක්ෂණයකි.
නව මාධ්‍ය යනු අන්තර්ජාලය, වෙබ් ජාල, පරිගණක බහු මාධ්‍ය, නිල් කිරණ, ඩික්ස් යනාදි බෙදාහැරීම සහ ප්‍රදර්ශනය සඳහා භාවිත ඩිජිටල් පරිගණක තාක්ෂණික සංස්කෘතික මේවලම් ය.නව මාධ්‍ය පිළිබඳ ඇති ගැටළුව වන්නේ සෑම වසර කිහිපයකට වතාවක්ම නව මාධ්‍ය පිළිබඳ නිර්වචනය යාවත්කාලීන කිරීමයි. නව මාධ්‍ය යන වචනයේ ඇති "නව" යන වචනය මඟින් තව දුරටත් නව යන අර්ථයට වඩා පුළුල් අර්ථයක් ඉන් ප්‍රකාශ වේ. එමගින් කියාපාන්නේ පරිගණක ඔස්සේ මානව සංස්කෘතීන්ගේ පවතින බොහොමයක් සංස්කෘතික පැතිකඩ බෙදාහරින යාන්ත්‍රණයක් වශයෙනි.

03) නව මාධ්‍ය යනු මෘදුකාංග මගින් පාලනය කරන ඩිජිටල් දත්ත මාලාවකි.

නව මාධ්‍යයෙහි භාෂාව සකස්වී ඇත්තේ සෑම සංස්කෘතික මේවලමක්ම ඩිජිටල් නියෝජනය සහ පරිගණක ආශ්‍රිතව බෙදාහැරීමේ ක්‍රමයක් මගින් පොදු ගුණාංග ගණනාවක් එකිනෙකට හුවමාරු කරගනු ලබන එකක් වශයෙනි. නව මාධ්‍ය ක්‍රියාත්මක කෙරෙන්නේ ඩිජිටල් දත්ත බවට පත් කෙරෙන මෘදුකාංග ඔස්සේ ය. මාධ්‍ය මෙහෙයුම් ඔස්සේ එකම වස්තුව විවිධාකාරයෙන් ක්‍රියාත්මක කළ හැකි ය. උදාහරණයක් ලෙස රූජායාරූපයක් විවිධ වර්ණ ගන්වමින් දැක්විය හැක්කේ මෙම ගණිතමය වශයෙන් මෙට්රික්ස් දත්ත වල සිට ඇල්ගොරිදම්ස් දත්ත බවට පත් කිරීමට ඇති හැකියාව මතයි.
04) නව මාධ්‍ය යනු සංස්කෘතික සම්මුතීන් හා මෘදුකාංග පිළිබඳ පවතින සමාජ සම්මුතීන් අතර වූ මිශ්‍රණයකි.
අද පවතින නව මාධ්‍ය යනු දත්ත නියෝජනය, ක්‍රියාත්මක වීම, මානනය සඳහා වූ පැරණි සංස්කෘතික සම්මුතීන් හා නව දත්ත ක්‍රියාත්මක වීම පිළිබඳ සම්මුතීන් අතර පවතින සම්මිශ්‍රණයකි. දෘශ්‍ය යථාර්ථය හා මානව අත්දැකීම් වලින් පැරණි දත්ත සමන්විත වූ අතර නව දත්ත සංඛ්‍යානමය දත්ත වේ. පරිගණක තුළ මේ සඳහා නිර්මාණාත්මකව තාක්ෂණික ක්‍රියාකරුවෙක් කටයුතු කරයි. උදාහරණ ලෙස චිත්‍රපටයේදී මෘදුකාංග අනුසාරයෙන් ඇතැම් නිෂ්පාදන ක්ෂේත්රයන් සකස් කරනු ලැබේ. පරිගණක සජීවිකරණය ඔස්සේ අනෙකුත් නිෂ්පාදන කටයුතු සිදු කරයි.
05) නව මාධ්‍ය යනු මුල් කාලයේ භාවිතා නව නූතන මාධ්‍ය හා සන්නිවේදන තාක්ෂණයන්ගේ

සෞන්දර්යයකි.
මෙහිදී නිතිපතා මතවාදීමය අලංකරණ වචන නැවත නැවතත් ක්‍රියාත්මක වේ.බොහොමයක් සෞන්දර්යාත්මක ක්‍රම උපායන් වරින් වර මෙහිදී දිස් වේ. මේ තුළ අප විසින් ඓතිහාසික විග්රහයට අයත් සමාජ දේශපාලන හා ආර්ථික තත්ත්වයන් සමග නූතන කාලපරිච්ඡේදය සමග ගළපමින් තාක්ෂණික ඉතිහාසය පිළිබඳ විශ්ලේෂණයක් ගොඩනඟා ගත යුතුය.

06) නව මාධ්‍ය යනු පරිගණකය ආශ්රිත ඇල්ගොරිදම්ස් භාවිතා කෙරෙන තාක්ෂණික යාන්ත්රණයකි.
කලින් අතින් ක්‍රියාත්මක කළහැකි ගණක රාමු හෝ කැල්කුලේටර්ස් වල පවතින ආකාරයේ තාක්ෂණයක් නව මාධ්‍යයෙහි නොමැත. ඉතා වේගවත් ක්‍රියාත්මක කරන ගණිත ක්‍රමයක් මෙහි භාවිතා වේ. තවත් අතකින් නව නූතන පරිගණකයක් යනු ඉතා වේගවත් ගණක රාමුවකි. අනෙක් අතට එය සයිබර් පාලනයට නතුවන අනන්‍යතාවක් සහිත උපකරණයක් බවද හදුනාගත යුතුයි.

07) නව මාධ්‍ය යනු නූතන නව පුරෝගාමී ආකේතකරණයකි. නැතහොත් නව මාධ්‍ය යනු අධිමාධ්යයකි.(metamedia)
ලෙව් මොනොවිච් දක්වන ආකාරයට 1920 දශකය නව මාධ්‍ය සඳහා අනෙකුත් කාල පරිච්ඡේදයන්ට වඩා වැදගත් වූවකි. අධිමාධ්‍ය තුළ නව ක්‍රියාකාරකම් වලට වඩා පැරණි ක්‍රියාකාරකම් පශ්චාත් නූතනවාදය සමග ක්‍රියාත්මක වේ. නව මාධ්‍ය පුරෝගාමිත්වය යනු තොරතුරු යොමු කිරීම හා මානනය කිරීමේ සරල නව මං මාවත් පිළිබඳ වන යාන්ත්රණයකි. උදාහරණ ලෙස හයිපර්මීඩියා, දත්ත ගොනු, දත්ත සෙවුම් යාන්ත්‍රණ යනාදිය හැදින්විය හැක. අධිමාධ්‍ය යනු ප්‍රමාණාත්මක දෑ ගුණාත්මක දෑ බවට පත්කරන නව මාධ්‍ය තාක්ෂණයකි. එමෙන්ම මානන තාක්ෂණයන් මගින් නූතන සෞන්දර්යයන් වෙනස් ආකාරයේ පශ්චාත් නූතන සෞන්දර්යයන් බවට පත්කළ හැක.

08) නව මාධ්‍ය යනු දෙවන ලෝක යුද්ධයෙන් පසු කාලයේ කලාව සංයුක්තකරණය ඔස්සේ ඒකමානයක් බවට පත් වූවකි. නව මාධ්‍ය යනු තාක්ෂණය මත පමණක් රඳා නොපවතින මානව ක්‍රියාකාරකම් සමගින් පරිණාමයට පත් වන්නකි.
නව මාධ්‍යයේ නැගීමත් සමගම ලෝකයේ වෙසෙන බොහොමයක් දෙනා අන්තර්ජාලය සමඟ සම්බන්ධවීමෙන් එකිනෙකා අතර ඇති සන්නිවේදනය පුළුල් කරගෙන ඇත. බ්ලොග්, වෙබ් අඩවි, පින්තූර සහ අනෙක් පාඨක ප්‍රිය මාධ්‍ය රටා ඔස්සේ එකිනෙකාගේ අදහස් ඔවුන්නොවුන් අතර ප්‍රචලිත විය. ෆ්ලිව්(2002) දක්වන ආකාරයට නව මාධ්‍ය තාක්ෂණය ක්‍රමයෙන් පරිණාමයට පත්වීමත් සමග ගෝලිකරණය සිදු විය. ගෝලිකරණය යනු තම දේශසීමාවන්ට ඔබ්බෙන් එක් එක් ජාතීන් හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් ව්‍යාප්ත වීමයි. විද්‍යුත් සන්නිවේදනය පුළුල්වීමෙන් ජාතීන් අතර පවතින දුරස්ථතාවය නිමාවීමේන් ගෝලිකරණය හටගත් බව "කෙයාලි" දක්වා තිබේ.
කෙයාන් ක්‍රොස් දක්වන ආකාරයට මෙම වර්ධනීය තත්වය " දුරස්ථතාවයේ මළගම" යනුවෙන් හදුන්වයි. නව මාධ්‍ය මගින් විප්ලවීය ආකාරයෙන් සන්නිවේදනයේ පවතින භෞතික ස්ථානය හා සමාජීය සම්බන්ධතාවන් තීව්ර කරන ආකාරයේ භෞතික ඉඩකඩක් මෙම නව මාධ්‍ය සන්නිවේදනය මඟින් සකස් කළේය. කෙසේ වෙතත් නව මාධ්‍ය පරිසරය තුළ මහජන කේෂ්ත්‍රය (public sphere) නැමැති සංකල්පය පිළිබඳ ආකෘතීන් ගණනාවක් ඇති විය.ඉන්ග්‍රිඩ් වෝල්ක්මර් දක්වන ආකාරයට මහජන කේෂත්රය යනු ජාතික දේශපාලන සහ සංස්කෘතික ආයතන තුළට පමණක් සීමා වී පවතින මහජන සන්නිවේදන ක්‍රියාවලිය ඉන්පිටතට විහිඳුවමින් අති ක්‍රියාකාරිත්වයක් ගැනීමයි. පරිගණක ආශ්රිත වර්චුවල් ප්‍රජාවන් සමාජීය සීමාවන්ගෙන් ප්‍රජාවන් සමාජීය සීමාවන්ගෙන් ඔබ්බට ගිය, භූගෝලීය දේශසීමාවන් ඉක්මවා ගිය සජීවි පරිගණක අන්තර්ජාලයන් සමඟ ක්‍රියාත්මක කෙරේ. හොවාඩ් රෙයින්ගෝල්ඩ් (2000), මෙම ගෝලීය සමාජයන් අප දෛනික ජීවිතයේදි දක්වන ක්‍රියාකාරකම් එක්කාසු කරන පුද්ගල මට්ටමෙන් සකස්ව ඇති ජාලයක් බව දක්වයි. පරිගණකය ආශ්රිත වර්චුවල් ප්‍රජාවන් සමඟ සම්බන්ධ මිනිසුන් එහිදී වචන භාවිතය මගින් අල්ලාප සල්ලාප යෙදීම, සතුටු සාමිචිය,තර්ක කිරීම, බුද්ධිමය සංවාදයේ යෙදීම, වෙළෙඳ ගනුදෙනු පැවැත්වීම, සැළසුම් සකස් කිරීම, බුද්ධිකලම්බනය, ඕපාදූප කීම , රැවටීම, මුලාව, ආදරය කිරීම, උසස් කලාවන් ගොඩනැඟීම, කතාබහ කිරීම යනාදියේ නිරත වේ. ෂෙරී ටර්කල්ට අනුව පරිගණකයේ යාන්ත්‍රික ක්‍රියාදාමය තුළින් පුද්ගලයාගේ දෙවන අනුප්‍රාප්තිකයා සකස් කරමින් මානව සම්බන්ධතා සකස් කිරීමෙහි යෙදෙන ආකාරය පැහැදිලි වේ.( හෝම්ස් 2005). නව මාධ්‍යයට ලොවපුරා විසිරී සිටින තමන් හා රුචිකරන මානසික තත්ත්වයක් ඇති අය සමග සම්බන්ධ විය හැකිය.මෙම කරුණු වලින් අනාවරණය වන්නේ තාක්ෂණය මඟින් මෙකී ගෝලියකරණ ක්‍රියාවලිය ගොඩනඟන බවයි. එහෙත් තාක්ෂණික නියතිවාදයට එරෙහිව කරුණු ඉදිරිපත්කරන මාධ්‍ය අධ්‍යයනය තුළ තාක්ෂණය භාවිතා කිරීම මඟින් සැකසෙන අනාගත සංවර්ධන තත්වයන් කෙරෙහි වැඩි අවධානය යොමු කර ඇත.
මැනුවෙල් කැස්ටෙල්ස් නැමැති මාධ්‍ය විචාරකයා තාක්ෂණය විසින් සමාජය නිර්ණය නොකෙරෙන බව දක්වයි. තාක්ෂණික වෙනස්වීම මත සමාජ ප්‍රවාහය වෙනස් නොවේ. පුද්ගලයාගේ නව සොයාගැනීම්, ව්‍යවසායකත්වය, විද්‍යාත්මක සොයාගැනීම්, නවෝත්පාදනය සහ සමාජ සක්රීයභාවය හේතු කොටගෙන සංකිර්ණ සමාජ අන්තර්ක්‍රියාකාරීත්වයක් සමාජය තුළ දැකිය හැකිය. මේ අනුව ඇතැම්විට තාක්ෂණික නියතිවාදය විසින් සමාජය හැඩගස්වනවා යන්න මූලාවකි. තාක්ෂණය යනු සමාජයයි. එනම් සමාජය තාක්ෂණික මේවලම් නොමැතිව හඳුනාගත නොහැක (කැස්ටෙල්ස් 1996) සමාජීය වෙනස්වීම තාක්ෂණික දියුණුවත් සමඟ සිදුවන බව මාර්ෂල් මැක්ලුහන් විසින් දක්වා තිබේ.

ලෙව් මොනොවි සහ මැනුවෙල් කැස්ටෙල්ස් යන දෙදෙනා විසින්ම කාර්මික ජන සමාජය සමග නව ජනමාධ්‍ය එකිනෙක සමපාතව මෙන්ම අනුයෝජනීයව ක්‍රියාකරවන ආකාරය දක්වා තිබේ. එහිදී පුද්ගලිකත්වය අභිබවමින් වටිනාකම් ස්ථාපනය වේ. එමෙන්ම නව මාධ්‍ය විසින් පශ්චාත් මෙන්ම ගෝලීය සමාජය සකස් කරන බව පැහැදිලි වේ. එහි විශේෂත්වය වන්නේ එම සමාජය තුළ ඕනෑම අයෙකුට තමන්ගේ විලාසිතාව හා තමන්ගේ මතවාද පරිභෝජනය කිරීමටත්, ඕනෑම තෝරාගැනීමත් කිරීමටත් අවකාශය තිබීමයි. මේ සදහා විශාල නිදහසක් හා රසිකත්වයක් මෙන්ම ඒවා තෝරතෝරාගැනීමට ඇති පුළුල් විවිධත්වය මෙහි විශේෂත්වයකි.ඒ තුළ ජන ග්‍රාහකත්වය සදහා එකම සංස්කෘතික උපකරණයම නෙයෙදෙන අතර එකිනෙකා වෙන වෙනම වශයෙන් ග්‍රහණ කර ගැනීම සදහා අලෙවිකරණය කිරීම හැකියාව නව මාධ්‍ය සතු තවත් ලක්ෂණකි. (මෙනොවිච් 2001). විප්ලවීය ආකාරයෙන් සමාජ වෙනස්වීම සිදු කරන ලබන ජනවාසයන්ට විශාල හා ශක්තිමත් ඉතිහාසයක් වේ. එහිදී නව මාධ්‍ය විශාල වෙනස්වීම් රැසක් සිදුකර ඇති බව හදුනාගත හැක ( ක්රිස්ඇටන්).
නව මාධ්‍ය මගින් සමාජයක විප්ලවය මෙහෙයවූ පලමු අවස්ථාව ලෙස සැලකෙන්නේ 1994 දී මෙක්සිකෝවේ චියාපස්හි ජාතික නිදහස් සෙපටිස්ටා හමුදාව විසින් කල සමාජ විප්ලවයයි. එතෙක් නව මාධ්‍ය මගින් සිදු කල සමාජ විප්ලවය වූයේ දැනුවත් කිරීම, අධ්‍යයනය සංවිධානය, සංස්කෘතිය නිෂ්පාදන හුවමාරු කර ගැනීම, සන්නිවේදනාත්මක ගැටුම් නිරාකරණය , සම්මුතිය යනාදී සමාජ විප්ලවයට පදනම සපයන මූලික අවස්ථාවන් ය. එහෙත් අද වන විට ලෝකයේ රටවල ජාතික හා ජාත්‍යන්තර දේශපාලන, ආර්ථික, සංස්කෘතික ගැටළු රාශියකට තුඩු දී තිබෙන්නේ මෙම නව මාධ්‍ය තාක්ෂණයේ මෙන්ම භාවිතයේ පවතින අධික සන්නිවේදන ඝනත්වයයි. එහි සීමාව සලකුණු කිරීමට අපහසුය්. එමෙන්ම ඉන් මිදී සිටීමට හෝ පාලනය කිරීමට ගන්නා ඇතැම් උත්සාහයන් පවා නිරර්ථක වන අවස්ථා එමට බව ජාතික හා ජාත්‍යන්තර උදාහරණ ගණනාවක් මෑත කාලයේ සනාථ වී ඇත.

1940 දශකයේ ජනසන්නිවේදනය, මාධ්‍ය අධ්‍යයනය පවා නව මාධ්‍ය අධ්‍යයනය මේ වන විට සිය විෂය පථයට හසු කරගෙන තිබීමෙන් නව මාධ්‍යයෙහි ඇති සමාජ, දේශපාලන, සංස්කෘතික මෙන්ම අධ්‍යාපන වැදගත්කම මෙයින් තහවුරු වේ.
ආශ්රිත මූලාශ්‍ර
G.S.P.ගුණරත්න
Ar/86077
Af/15/12143
මානව ශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පිඨිය
ශ්‍රි ජයවර්ධනපුරය විශ්ව විද්‍යාලය
ආශ්රිත මූලාශ්‍ර
- Annigian, Victor. (2000), Creative communcation.London, Routledge.
- Akdeniz, Yaman, (2008) Internet, Child Poronography and the Law; National and international Responses. paditow, Cornwall. Ashgate.
- Berry, david, Theobald, john.(2004).Radical Mass Media Criticism; A Cultural Genealogy, USA, Black Rose Books.
- Castells Manuel" (2004) The Network socity; A Cross- Cultural Perspective, Massachegetts, USA.Edward Elgar publishing, Inc Communcation; Teaching the Language Arts.London,Sage.
- Everard,Jerry,(2000) Virtual States: The Inernet and the Boundaries of the Nation-State, London,Routedge
- Georges,Robert A,Michael Owens Jones, "Folkloristics; An Introduction," Indiana University Press, 1995.
G.S.P.ගුණරත්න
Ar/86077
Af/15/12143
මානව ශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පිඨිය
ශ්‍රි ජයවර්ධනපුරය විශ්ව විද්‍යාලය
Thank u
ReplyDelete